Tuesday, July 19, 2011

බොලොක්කෙට මාතෘකාවක්

ඔයාලා දැනටමත් බොලොක්කයක් එහෙම හදාගෙන මුදල් හොයන්න දගලනවා ඇති නේද?දන්නවද ලෝකේ අන්තර්ජාලය හරහා මුදල් හොයන්න ක්‍රම දහස් ගනනක් තියෙනව.ඒ අතර තියෙන ගොඩක් ජනප්‍රිය ක්‍රමයක් තමයි Blogs හදල ඒවට Adds එකතු කරන එක.
 සිංහල Blogs වලට නම් Adds දෙන්නෙ සමාගම් දෙක තුනක් විතරයි.ඒත් ඉතින් English Blog එකක් හදාගත්තොත් ගොඩනේද?මම දන්නව ඔයා දැන් මට කියන දේ English Blog එකක් තියෙනවා ඒත් Google Adds දෙන්නෙ නෑ.එහෙම නේද?Google කියන්නෙ අන්තර්ජාලයේ හදවත කිව්වොත් මම හරි.එයාල Internet හරහා කෙරෙන ප්‍රචාරණය වෙනමම අතකට ගෙනිච්චා.ඉතින් එයාල ඉල්ලන ඉල්ලන කෙනාට Adds දෙන්නෙ නෑ.ඔයාගෙ බොලොක්කය එයාලගේ සැපයුමට ගැලපෙන්න ඕන.
ඉතින් අපි බොලොක්කයක් හදනකොට හොදට හදන්න ඕන.එක පාරක් ආපු කෙනෙක් ආපහු එන විදිහට.අපේ Blog එකට එන පුද්ගලයන් ප්‍රමාණය වැඩි කරගන්න ඕන.ඒකට ගොඩක්ම බලපාන්නෙ අපේ Blog එකේ අන්තර්ගතය ඒ වගේම ඒක කෙනෙක්ගෙ ඇහැ යොමුවෙන විදිහට හදල තියෙනවද කියන එක.එන අයට හොද දෙයක් දෙන්න.ඒ වගේම සකියකට සැරයක්වත් අලුත් දෙයක් දාන්න.
මාතෘකාවට හොද දෙයක් දාන්න.අපි දෙයක් හොයාගන්නෙ Key Words භාවිතා කරලනෙ ඉතින් නිතරම Search වෙන දෙයක් ඔයාලගෙ මාතෘකාවක් උනොත් නිතරම කස්ටිය ඒවි.Search Engine වල උඩින්ම ඔයාගෙ Blog එක පෙන්න ගන්න ක්‍රමයක් මම ඔයාලට ඊලග ලිපියකින් කියන්නම්.
හොදයි ඉතින් මෙහෙම කරල Blog එකක් හදා ගෙන Adds ගත්ත කියමුකො...............ඒත් සමහර අයට හොදට ගෙවද්දි අපට අඩුවෙන් ගෙවනවා.ඒකට මොකද කරන්නෙ?ඒක තමයි කියන්නෙ මේ වැඩේ කරද්දි හොදට හිතල බලලා කරන්න ඕන.මෙහෙම වැඩියෙන් සහ අඩුවෙන් ගෙවන්න හේතුව තමයි මේ Google සමාගමට Adds දෙන සමාගම් Google එකට කරන ගෙවීම් ඒ වගේම මිනිස්සු ගොඩක්ම Search කරන දේවල්.ඉතින් මම තව ලිපියක් ඒ ගැන ලියන්නම්කො.මම පහලින් දාල තියෙනවා Trafic එක වැඩි කරගන්න පුලුවන් මාතෘකා ටිකක්.ගොහින් එඤ්ඤං ඈ...........................